
මෙල්බන් පිටත උප නාගරික ප්‍රදේශවල විද්‍යුත් මෝටර් රථ භාවිතය පසුගිය වසර 02 තුළදී කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.
පිටත උප නාගරික ප්‍රදේශවල එම අගය සියයට 0.37 ක් වුව ද නාගරික කලාපයේ (CBD) සියයට 0.69 ක් ලෙසයි පවතින්නේ.
විද්‍යුත් වාහන මිළ ගණන් තවමත් ඉහළ අගයක පැවතුණද දෛනික ඉන්ධන වියදම සැලකිල්ලට ගෙන වැඩි මුදලක් වැයකර හෝ විද්‍යුත් වාහන වෙත මාරු වීම වාසි සහගත බවයි ජනතාව පවසන්නේ.

නිවස තුළ සූර්ය බල පද්ධතියක් පවතින නිවසක මසකට විද්‍යුත් වාහනයක් සදහා වැය වන මුදල ඩොලර් 50 ක් ලෙසයි ගණන් බලා ඇත්තේ.
විද්‍යුත් වාහන මිලදී ගැනීම් ඉහළ නැන්වීම සදහා ෆෙඩරල් රජය විසින් නව යෝජනා රැසක් ද ඉදිරිපත් කර තිබෙනවා.

2023 මැයි මස වන විට සමස්ත රටෙහි විද්‍යුත් මෝටර් රථ අලෙවිය සියයට 02 ක පමණ අගයක් ගැණුන ද වර්තමානය වන විට එය සියයට 09 ක් දක්වා වර්ධනය වී තිබෙනවා.