Search

හදිසි හෘදයාබාධයක් නිසා තමීම් ඉක්බාල් රෝහලට

ඩකා ප්‍රිමියර් ලීග් (DPL) තරගාවලියේ අද (24) පැවති තරගයක් අතරතුරදී බංගලාදේශ හිටපු සුපිරි ආරම්භක පිතිකරු තමිම් ඉක්බාල් හදිසි හෘදයාබාධයකට ගොදුරු වී තිබෙනවා.

36 හැවිරිදි වියේ පසුවන ඔහු ක්‍රීඩා කරමින් සිටියදී මෙම තත්වයට ගොදුරු වී ඇති බවයි පැවසෙන්නේ.

කඩිනමින් ක්‍රියාත්මක වූ බලධාරීන් විසින් තමිම් ඉක්බාල් ව රෝහල්ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

ඔහුගේ තත්වය තරමක් බරපතල වන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා පළ වන්නේ.

ඔහු රෝහල් ගත කිරීමෙන් අනතුරුව හදිසි සැත්කමකටද භාජනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.