Search

ඔස්ට්‍රේලියානුවන්ට සහන රැසක් රැගෙන එන ෆෙඩරල් අයවැය හෙටයි

ඔස්ට්‍රේලියා ෆෙඩරල් අයවැය හෙට (25) දිනයේදී ඉදිරිපත් කිරීමට පාලක කම්කරු පක්ෂය සූදානම් වනවා.

මෙවර අයවැයෙන් ඉහළ යන ජීවන වියදමට සහනයක් හිමි වනු ඇති බවටයි ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්වාසය වී ඇත්තේ.

කෙසේවෙතත් මෙවර අයවැයට පෙර ඔස්ට්‍රේලියා ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙනු ඇති බවටයි දේශපාලන විචාරකයන් අපේක්ෂා කළේ.

නමුත් ක්වීන්ස්ලන්ඩ් සහ නිව් සවුත් වේල්ස් යන ප්‍රාන්තවලට විශාල බලපෑමක් එල්ල කළ ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව හේතුවෙන් ඉදිරි මැතිවරණය සදහා දින නියම කිරීම ප්‍රමාද වුණා.

ඒ අනුව මෙවර ෆෙඩරල් අයවැයෙන් විදුලි බිල්පත් සදහා සහන මෙන්ම Bulk Billing ක්‍රමවේදය සදහාද ඔස්ට්‍රේලියානුවන්ට සහන රැසක් සැලසෙනු ඇති.

ඊට අමතරව ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය (PBS) යටතේ ඔස්ට්‍රේලියානුවන්ට අත්‍යවශ්‍ය ඖෂධ රැසක් සදහා සහන හිමි වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

එමෙන්ම මෙවර අයවැයෙන් ශිෂ්‍ය ණය සහ Childcare සේවාවන් සදහාද විශාල සහන රැසක් ලබාදීමට ද පාලක කම්කරු පක්ෂය සූදානම් වන බවයි වාර්තා පළ වන්නේ.

තවත් සහන රැසක් ඇතුළත්ව හෙට දිනයේදී ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැය ඉදිරි මැතිවරණය උදෙසා තීරණාත්මක සාධකයක් බවට පත් වනු ඇති බවද වැඩිදුරටත් සදහන්.

ඔස්ට්‍රේලියානුවෙක් සංක්‍රමණිකයින් ගැන ඇල්බනීස්ගෙන් අහන ප්‍රශ්නය ?

සංක්‍රමණිකයින් පිළිබඳ අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස්ගෙන් පුද්ගලයෙකු අසන ප්‍රශ්නයක් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ සංචරණය වෙමින් පවතිනවා.

Read More »