Search

NSW කුලී නිවැසියන්ට වැඩිපුර අයකළ මුදලක් යළි ගෙවයි

නිව් සවුත් වේල්ස් කුලී නිවාස හිමියන්ගෙන් අයථා ලෙස අයකර ඇති ගාස්තු නැවත ගෙවීමට දේපළ වෙළඳ සමාගම් පියවර ගෙන තිබෙනවා.

පසුබිම් වාර්තා ලබාදීමට අදාළව ඩොලර් 25 ත් 40 ත් අතර මුදලක් බැගින් ඔවුන්ගෙන් දෝෂ සහගත ලෙස අයකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙවැනි වාර්තා ලබා ගැනීම තහනම් කරමින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පාර්ලිමේන්තුව පසුගිය ඔක්තෝබර් මාසයේදී නීතියක් ද සම්මත කරගනු ලැබුවා.

ඒ අනුව කුලී නිවැසියන් 2372 කට ඩොලර් 50,000 කට ආසන්න මුදලක් නැවත ගෙවීමටයි දේපළ වෙළද සමාගම් කටයුතු කර ඇත්තේ.

මේ වනවිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කුලී නිවාසවල පදිංචි වී සිටින පිරිස ලක්ෂ 23 ඉක්මවා ගොස් සිටිනවා.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »