Search

Work from home මැතිවරණ වේදිකාව උණුසුම් කරයි

Work from home ඔස්ට්‍රේලියා මැතිවරණ වේදිකාවේ දැඩි කථාබහට ලක්වන කාරණයක වී තිබෙනවා.

Working from home සඳහා සිය සහය පළකරන බව අගමැති ඇන්තනී ඇල්බනීස් ඊයේ ප්‍රකාශ කළා.

එමගින් ඔස්ට්‍රේලියාවේ රථවාහන තදබදය ලිහිල් කිරීම, කාන්තාවන්ට වඩාත් වාසි සහගතවීම සිදුවන බවයි ඔහු මාධ්‍ය අමතමින් ඊයේ කියාසිටියේ.

පූර්ණ කාලීනව කාර්යාලයේ රැකියාවල නිරතවන්නන් සඳහා වසරකට ඩොලර් 5000 ක අමතර මුදලක් වැය වන බවද අගමැතිවරයා සඳහන් කළා.

කෙසේවෙතත් විපක්ෂ නායක පීටර් ඩටන් මීට පෙර මැතිවරණ වේදිකාවේදී පැවසුවේ රාජ්‍ය සේවකයින් පූර්ණ කාලීනව කාර්යාලේ සිටිය යුතු බවයි.

එහෙත් ඇල්බනීස්ගේ ඊයේ ප්‍රකාශයෙන් පසු ඩටන් සිය ස්ථාවරය වෙනස් කරමින් කියාසිටියේ කොවිඩ් කාලයේ මෙන් ශ්‍රම බලකායෙන් සියයට 20 ක් පමණක් නිවසේ සිට වැඩ කරන ලෙසයි.