Search

අග්නිදිග ආසියාවේ සංචාරයකරන්නන්ට ඔස්ට්‍රේලියාවෙන් නව දැනුවත් කිරීමක්

අග්නිදිග ආසියානු රටවල සංචාරය කිරීමේදී ඔස්ට්‍රේලියා තරුණ තරුණියන් දැනුවත් කිරීමේ නව ප්‍රචාරණ ව්‍යාපාරයක් අද සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකෙරෙනවා.

විදෙස් සංචාරයකදී නීත්‍යානුකූල නොවන මත්පැන්/මත්ද්‍රව්‍ය පිළිබඳව සහ ආරක්ෂිත මත්පැන් පිළිබඳ අවබෝධය ලබාදීම මෙහිදී සිදුකෙරෙනු ඇති.

එමෙන්ම සංචාරයන්වලදී සහකරුවන් සොයාගැනීමේදී ඇතිවන අවදානම පිළිබඳව ද නව වැඩපිළිවෙල හරහා දැනුවත් කිරීමට නියමිතයි.

ඒ වෙනුවෙන් Smartraveller නමින් නව ඔන්ලයින් ආරක්ෂණ මධ්‍යස්ථානයක් ද ජූනි මාසයේදී විවෘත කරන බවයි විදේශ අමාත්‍යංශය පවසන්නේ.

පසුගියදා ආසියානු සංචාරයකදී ඔස්ට්‍රේලියානු තරුණියන් දෙදෙනෙකු මෙතනෝල් විෂවීමෙන් සිදුවූ ඛේදවාචකය හේතුවෙන් මෙම නව වැඩපිළිවෙල දියත් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයා කියාසිටියා.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »