
ඔස්ට්‍රේලියාවේ සෑම රජයේ පාසලක් වෙනුවෙන් ම පූර්ණ අරමුදලක් සපයන බව අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.
ඒ අනුව ඉදිරි වසර 10 සඳහා ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රජයේ පාසල් සඳහා ඩොලර් බිලියන 2.8 ක අතිරේක මුදලක් ලබාදීමටයි ඇල්බනීස් සූදානම් වන්නේ.
අගමැතිරයා කැන්බරා හි පැවති මාධ්‍ය හමුවකට අද සහභාගි වුණා.

එහිදී ඔහු කියාසිටියේ 2025 සහ 2026 වසරවල ඔස්ට්‍රේලියාවේ රජයේ පාසල් සඳහා ඩොලර් බිලියන 16.5 ක මුදලක් කොමන්වෙල්ත් අරමුදල සඳහා දායක වන බවයි.
එම මුදල් ප්‍රාන්තයේ ප්‍රායෝගික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වැයකරන බව ප්‍රාන්ත අගමැති David Crisafulli මෙහිදී අවධාරණය කළා.

මෙය ඔස්ට්‍රේලියා රජයක්, පාසල් සඳහා සිදුකළ ඓතිහාසික ආයෝජනයක් බවයි ඩේවිඩ් එහිදී වැඩිදුරටත් කියාසිටියේ.