
වික්ටෝරියාවේ Werribee Open Range සත්වෝද්‍යානයේ අලි ඇතුන් නැරඹීමේ අවස්ථාව ඊයේ සිට සංචාරකයින්ට උදාවනවා.
මෙවර පාසල් නිවාඩුවේ දරුවන්ට නොමිලේ එය නැරඹීමට හැකි බවයි සත්වෝද්‍යානය නිවේදනය කරන්නේ.
සත්වෝද්‍යානයේ හෙක්ටයාර් 22 ක අලි මංකඩ විවෘත කිරීම ඊයේ වික්ටෝරියා අගමැතිනි ජසින්ටා ඇලන් විසින් සිදුකෙරුණා.

එහිදී ආසියානු අලි ඇතුන් නව දෙනෙකු නැරඹීමට ජනතාවට හැකියාව පවතිනු ඇති.
වික්ටෝරියා රජයෙන් ඩොලර් මිලියන 88 ක ආයෝජනයක් අලි මංකඩ වෙනුවෙන් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

වැඩි ඉඩකඩක අලංකාර පරිසරයක් තුළ ජනතාවට සතුන් ඉතා සමීපව නැරඹීමට හැකිවන අයුරින් Werribee Open Range සත්වෝද්‍යානයේ පහසුකම් සපයා ඇති බව එහි බලධාරීන් කියාසිටියා.