
ඔස්ට්‍රේලියාවේ නිවසක සාමාන්‍ය වටිනාකම ඩොලර් 976,800 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එය ගතවූ වසර 25 තුළදී සියයට 412 කින් වැඩිවීමක් බවයි සංඛ්‍යාලේඛන කාර්යංශය සදහන් කළේ.
මේ අනුව ගතවූ වසර 25 තුළදී ඔස්ට්‍රේලියාවේ නිවසක අගය වැඩිවීම ඩොලර් 460,000 කට ආසන්න වී තිබෙනවා.

කෙසේවෙතත් ඉදිරි වසර 05 තුළදී නිවාස ලක්ෂ 03 ක පමණ හිඟයක් පැවතිය හැකි බවටයි අනතුරු ඇඟවෙන්නේ.
ඉන් වැඩිම ප්‍රමාණයක් සිඩ්නි සහ මෙල්බන් නගරවලින් වීමද විශේෂත්වයක්.

ජනගහනය ඉහළ යෑමට සාපේක්ෂව නිවාස ඉදි නොවීමයි ඊට මූලික හේතුව වන්නේ.