Search

පවුල් අවුල් නිසා අසභ්‍ය දර්ශන නරඹන ඔස්ට්‍රේලියානුවන් ඉහළට

ලිංගික ගැටලු සහ අසභ්‍ය දර්ශන නැරඹීමට අදාළව උපකාර පතන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

2023 වර්ෂයේ සිට මේ දක්වා එවැනි එක් ජනප්‍රිය උපකාරක වෙබ් අඩවියකට ලැබී ඇති ඉල්ලීම් සංඛ්‍යාව සියයට 30 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔවුන්ට ලැබී ඇති අමතර ආදායම ඩොලර් බිලියන 6.63 ක්.

පුද්ගලික ජීවිත අඩාල වීම හමුවේ තරුණ මෙන්ම වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් විශාල පිරිසක් ලිංගික ගැටලු සහ අසභ්‍ය දර්ශන නැරඹීමට පෙළඹී තිබෙනවා.

එමගින් ඔවුන් ලිංගික ගැටලු නිර්මාණය කරගෙන ඇති බවයි නවතම අධ්‍යයනයකදී හෙළිවී ඇත්තේ.

විශේෂයෙන්, සමාජ රෝග වැනි තත්වයන්ට ගොදුරු වීම එහිදී කැපී පෙනෙන සිද්ධියක් වනවා.

මෙවැනි සාධක මත මානසික ගැටලුවලට උපකාර ලෙසයි ඔස්ට්‍රේලියානුවන් උපකාරක වෙබ් අඩවි වෙත වැඩි වශයෙන් යොමුවී ඇත්තේ.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »