
ඉදිරි ෆෙඩරල් මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු අනිවාර්යයෙන්ම සංක්‍රමණිකයන් පාලනය කිරීමේ වැඩපිළිවෙලකට යොමුවන බවට පාලක ලේබර් පක්ෂය නැවත සහතික වී තිබෙනවා.
ෆෙඩරල් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් සඳහන් කළේ දැනට 450,000 ඉක්මවා ඇති වාර්ෂික සංක්‍රමණිකයන් සංඛ්‍යාව වසර 04 ක් තුළදී 160,000 ක් දක්වා අඩු කිරීම එහි මූලික අරමුණ බවයි.
එමෙන්ම, මේ වනවිට වසරකට ඔස්ට්‍රේලියාව විසින් භාර ගන්නා සරණාගතයන් සංඛ්‍යාව 20,000 සිට 13,750 දක්වා අඩු කිරීමට කම්කරු පක්ෂ රජය සැලසුම් කර තිබෙනවා.

මේ අතර වර්තමානය වනවිට වසරකට නිකුත් කරන ස්ථිර වීසා සංඛ්‍යාව 185,000 සිට 140,000 දක්වා අඩු කිරීම කම්කරු රජයේ තවත් සැලසුමක් බවයි දැක්වෙන්නේ.
විපක්ෂ නායක පීටර් ඩට්න් ද අවධාරණය කරන්නේ තමා බලයට පත් වුවහොත් වසර දෙකක් තුළදී සංක්‍රමණිකයන් සංඛ්‍යාව සියයට 25 කින් අඩු කරන බවයි.
