
ගුවන් සංදර්ශනයකදී සිය දස්කම් දක්වන පියෙකු සහ පුතෙකු පිළිබඳ වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තාවනවා.
ඒ ඔස්ට්‍රේලියාවේ පළමුපෙළේ දක්ෂ ගුවන් නියමුවකු වන Paul Bennet සහ 19 හැවිරිදි ඔහුගේ පුත් Jett යන දෙදෙනායි.
මාර්තු 28 වන සිකුරාදා වික්ටෝරියා හි Avalon Australian Air Show හිදී සිය දස්කම් පෙන්වීමටයි ඔවුන් සූදානම් වන්නේ.

එහිදී මෙම පිය පුතු දෙදෙනාගෙන් ආකර්ෂණීය ගුවන් සංදර්ශනයක් දක්නට ලැබෙනු ඇති බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.
51 හැවිරිදි පෝල් පවසන්නේ ඔහුගේ පුත් වයස අවුරුදු දෙකක සිට පියාසර කිරීම් ආරම්භ කළ බවයි.

මේ වසරේ අග භාගයේදී ඇමරිකාවේ පැවැත්වීමට නියමිත Oshkosh air show සංදර්ශනයට ආරධනයක් ලැබු පළමු ඔස්ට්‍රේලියානු ගුවන් නියමුවා ලෙස ද Paul Bennet පත්ව තිබීම විශේෂත්වයක්.