Search

විදුලි බිල වැඩිනම් සහනයක් දෙන්නම් – ඇල්බනීස් කියයි

ඔස්ට්‍රේලියානුවගේ ව්දුලි බිල්පත් සදහා තවත් ගාස්තු සහනයක් ලබා දීමට අගමැති ඇන්තනී ඇල්බනීස් සූදානම් වනවා.

ඒ අනුව දැනට ලබාදී ඇති ඩොලර් 300 ක ගාස්තු සහනය ඩොලර් ඩොලර් 450 දක්වා ඉහළ දැමෙනු ඇති.

මෙම යෝජනාව ලබන අගහරුවාදා ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට ඉදිරිපත් කෙරෙනු ඇති.

අගමැති ඇන්තනී ඇල්බනීස් පවසන්නේ ජීවන වියදම හමුවේ පීඩාවට පත්ව සිටින ඔස්ට්‍රේලියානුවන්ට කිසියම් හෝ සහනයක් සැලසීමට කම්කරු පක්ෂ රජයේ අපේක්ෂාව බවයි.

මේ හරහා රජයට දැරීමට සිදුවන මුදල ඩොලර් බිලියන 1.8 ක් බවද අගමැතිවරයා සදහන් කළා.