
උතුරු වික්ටෝරියා ප්‍රාන්තයේ Nagambie නගරයේ ජලාශයක තිබී දියේ ගිලිණු කුඩා දරුවෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.
මෙල්බන් සිට කිලෝමීටර් 160 ක් පමණ දුරින් සිදුවූ මෙම සිද්ධියට අද උදෑසන 10 ට පමණ හදිසි සේවා කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
ඔස්ට්‍රේලියා රෝයල් ජීවිතාරක්ෂකයින් පවසන්නේ පසුගිය දශක දෙක තුළ කුඩා ළමුන් දියේ ගිලීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව, විශේෂයෙන් නිවෙස්වල ඇති නාන තටාක ආශ්‍රිත මරණ සැලකිය යුතු ලෙස අඩුවී ඇති බවයි.

ගෙමිදුලේ තටාක වටා වැටවල් බැඳීම මෙම තත්වයන් අඩුවීමට එක් හේතුවක් වූ බවයි රෝයල් ජීවිතාරක්ෂක ප්‍රධාන විධායකරවරයා කියාසිටියේ.
ග්‍රාමීය ප්‍රදේශවල කුඩා දරුවන් ජලාශ හා වේලිවලින් ආරක්ෂා කිරීමට නම් ග්‍රාමීයව ආරක්ෂිත ක්‍රීඩාංගන ඉදිකළ යුතු බව රෝයල් ජීවිතාරක්ෂක ප්‍රධාන විධායකරවරයා යෝජනා කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වික්ටෝරියා පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.