Search

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

මෙලෙස අමෙරිකානු ප්‍රතිපාදන කපා හැර ඇත්තේ Australian National University, University of Technology Sydney, University of NSW, Monash University, Macquarie University, Darwin University, and University of Western Australia යන විශ්ව විද්‍යාල සදහායි.

මෙම සරසවි සදහා අමෙරිකාවෙන් ලබාදී තිබූ ඩොලර් මිලියන 600 ක පමණ මූල්‍ය ආධර මෙලෙස අත්හිටුවා ඇති බවයි වාර්තා පළ වන්නේ.

ජෛව විද්‍යාත්මක සහ සායනික පර්යේෂණ සඳහායි මෙහිදී වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ.

ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල සදහා වැඩිම මූල්‍යාධාර සපයන විදේශීය පාර්ශවය වන්නේ අමෙරිකාවයි.

පසුගිය වර්ෂයේදී පමණක් ඔවුන් ලබාදී තිබූ මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 386 ක්.

මේ අතර අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයාර් පවසන්නේ මෙම ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය පහළ යාමට කිසිදු ඉඩක් නොදෙන බවයි.