Search

පාප් වහන්සේ අද රෝහලෙන් පිටව යයි

මාසයකට අධික කාලයක් රෝහල්ගතවීමෙන් පසු ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේ අද රෝහලෙන් පිටව යාමට සූදානම් වනවා.

ඒ අනුව පාප් වහන්සේට ඖෂධ චිකිත්සාව සමග මාස 2 ක පමණ විවේක කාලයක් නියම කර ඇති බවයි රෝහල් ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා මාධ්‍ය සාකච්ඡාවකදී පවසා ඇත්තේ.

2013 වසරෙන් පසු උන්වහන්සේ අද සිය නිවස වන Casa Santa Marta වෙත ආපසු යාමට නියමිතයි.

ඊට පෙර අද රෝහලේ බැල්කනියේ පළමු වරට ප්‍රසිද්ධියේ පෙනීසිටීමට නියමිත බවයි මාධ්‍ය හමුවේදී වතිකානුව පැවසුවේ.

පාප් වහන්සේ මේ වනවිට යහපත් මානසිකත්වයෙන් පසුවන බවත් පසුගිය දින කිහිපයේ රෝහලෙන් පිටව යාමට අවශ්‍ය බව ඉල්ලා සිටි බවත් වතිකානුව එහිදී ප්‍රකාශ කළා.

මේ අතර ෆ්රැන්සිස් පාප් වහන්සේ කතෝලික සභාව සඳහා ඉදිරි වසර තුනක ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට පසුගිය සතියේ අනුමතය ලබාදී තිබෙනවා.

රෝහලේ දිගු කාලයක් රැඳී සිටිය ද ඉදිරියේදීත් තනතුරේ රැඳී සිටීමට අදහස් කරන බවට එය ප්‍රබල සංඥාවක් බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »