Search

Facebook සාදයක් වටලයි – 76 ක් අත්අඩංගුවේ

කිදිගොඩ බෙල්ලාන වත්ත ප්‍රදේශයේ හෝටලයක් තුළ ෆේස්බුක් සාදයක් වැටලීමෙන් පුද්ගලයින් 76 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සීදූව පොලීසිය කළ මෙහෙයුමේදී තරුණියන් 15 දෙනෙකුද ඒ අතර සිටි බවයි වාර්තා වන්නේ.

මෙම සාදයට සහභාගි වූ තරුණ තරුණියන් අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කරමින් සිට ඇති බව වාර්තා වනවා.

සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය, කේරළ ගංජා හා නීතිවිරෝධීව ගෙන්වන ලද සිගරට් ද සොයාගෙන ඇති බව සඳහන්.

එම සිගරට් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියන් 03 දෙනෙක් ඇතුළු සැකකරුවන් 14ක් අත්අඩංගුවට පත්වූවන් අතර වනවා.

මීට අමතරව මෙම සාදය සඳහා සහභාගිවූ තරුණියන් 12 දෙනෙකු සහ තරුණයින් 47 දෙනෙකු අත්අඩංගුවට පත්වූවන් අතර සිටින බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවරුදු 18ත් 25 අතර වයස්වල පසුවන කොළඹ තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් බව සීදූව පොලීසිය කියාසිටියා.

සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.