Search

ඔස්ට්‍රේලියා නිවාස අර්බුදයට විශේෂඥයෙකුගෙන් අපූරු විසඳුමක්

ඔස්ට්‍රේලියාවේ නිවාස ගැටළුවට අපූරු විසඳුමක් දේපළ විශේෂඥයෙකු ලබාදී තිබෙනවා.

Metropole Property Strategists හි අධ්‍යක්ෂක Michael Yardney පවසන්නේ නිවාස ව්‍යාපෘති සඳහා ආයෝජකයින් උනන්දුකරවීමට නම් නිවාස මිල තව තවත් ඉහළ නැංවිය යුතු බවයි.

එමගින් නව නිවාස ව්‍යාපෘති සඳහා අයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට හැකි බව ඔහු පෙන්වාදෙනවා.

ඔස්ට්‍රේලියා මහා පරිමාණ ආයෝජකයින් ගණන් බලා ඇත්තේ නව නිවාස ව්‍යාපෘති සංවර්ධනය කිරීමේ අවදානම ගැනීමට නම් නිවාසවල මිල සියයට 15 ත් 20 ත් අතරින් ඉහළ යායුතු බවයි.

කෙසේවෙතත් Yardney පවසන්නේ මෙය ඉතා දුෂ්කර විසඳුමක් නමුත් දිගු කාලීන වාසියක් සඳහා කෙටි කාලීන වේදනාව ඉවසා සිටිය යුතු බවයි.

පසුගිය වසර 25 තුළ මධ්‍යම නිවාස වටිනාකම 412% කින් එනම් ඩොලර් 459,900 කින් ඉහළ ගොස් ඇතැයි ඔස්ට්‍රේලියානු නිවාස ණය සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වී තිබෙනවා.

එමෙන්ම ABS නිකුත්කළ නවතම සංඛ්‍යා ලේඛනවල දැක්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ නිවාසවල සාමාන්‍ය මිල දැන් ඩොලර් 976,800 ක් වන බවයි.