Search

Work From Home තීරණය ඇල්බනීස් යළි හරවයි

Working from home සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියා අගමැති ඇන්තනී ඇල්බනීස්ගේ තීරණය නැවතත් වෙනස් කර තිබෙනවා.

පූර්ණ කාලීනව කාර්යාලයට පැමිණෙන ලෙසයි පසුගියදා රාජ්‍ය නිළධාරීන්ට ඇල්බනීස් විසින් දැනුම්දෙනු ලැබුවේ.

නමුත් එම තීරණය වෙනස් කරමින් අගමැතිවරයා කියාසිටියේ Working from home සඳහා සිය සහයෝගය යළි හිමිවන බවයි.

Working from home ප්‍රතිපත්තිය මගින් ඔස්ට්‍රේලියාවේ රථවාහන තදබදය ලිහිල් කිරීම, කාන්තාවන්ට වඩාත් වාසි සහගතවීම සිදුවන බව ඔහු මාධ්‍ය අමතමින් පවසා තිබනවා.

එමෙන්ම ග්‍රාමීය හා කලාපීය ප්‍රදේශ සංවර්ධනය වීමද ඒ අතර වන බව ඔස්ට්‍රේලියා අගමැතිවරයා වැඩිදුරටත් කියාසිටියා.

පූර්ණ කාලීනව කාර්යාලයේ රැකියාවල නිරතවන්නන් සඳහා වසරකට ඩොලර් 5000 ක අමතර මුදලක් වැය වන බවයි මෑතදී ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වී ඇත්තේ.

සිඩ්නි හෝ මෙල්බන් හි ජීවත්වන්නන් සඳහා මෙම මුදල ඊටත් වඩා වැඩි වන බවයි අගමැති ඇල්බනීස් මාධ්‍ය ඉදිරියේ පවසා තිබෙන්නේ.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »