Search

පොලිස්පති දේශබන්දුට විශේෂ ආරක්ෂාවක්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඔහු මේ වන විට පල්ලෙකැලේ, දුම්බර බන්ධනාගාරයේ ආරක්ෂිත සිර මැදිරියක රඳවා සිටිනවා.

අධිකරණ නියෝග මත එලෙස විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගත් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ දේශබන්දු තෙන්නකෝන් එක් දිනක් රක්ෂිත බන්ධනාගාරගත කළ අතර යලිත් ඊට පසු දින අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී දේශබන්දු තෙන්නකෝන් යළි අප්‍රේල් 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය තීරණය කළේ.

2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙනුයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට චෝදනා වී ඇත්තේ.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »