Search

මිනී මැරුම්වලින් අඩක් පවුල් ආරවුල් – NSW හෙළිකරයි

2024 වසරේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් මිනීමැරුම් අනුපාතය ඉහළ ගොස් ඇතැයි අපරාධ සංඛ්‍යාලේඛන හා පර්යේෂණ කාර්යංශය පවසනවා.

පසුගිය වසරේ නිව් සවුත්වේල්ස් හි මිනී මැරුම් 84 ක් වාර්තා වී ඇති බවයි නව දත්තවල දැක්වෙන්නේ.

ඒ අනුව එය වසර 10 කට පසු වාර්තාවූ වැඩිම අගය බව දත්ත පර්යේෂකයින් පවසනවා.

2023 වසරේ NSW හි මිනීමැරුම් වාර්තා වූයේ 56 ක් ලෙසටයි.

එමෙන්ම 2024 වසරේ ඔස්ට්‍රේලියාවේ වැඩිම ජනාකීර්ණ ප්‍රාන්තය වන NSW හි පහරදීම් මෙන්ම ලිංගික හිංසනයන්ද වැඩි වශයෙන් වාර්තාවී ඇති බව සඳහන්.

පසුගිය වසරේ සිදුවූ මිනී මැරුම් 22 ක ප්‍රතිඵලයක් ලෙස තවත් මිනී මැරුම් 8 ක් වාර්තා වී ඇති බවද අපරාධ සංඛ්‍යාලේඛන කාර්යංශය කියාසිටියා.

2024 NSW හි ඝාතනයට ලක්වූවන් අතර පිිරිමින් 46 ක්, කාන්තාවන් 26 ක් සහ ළමුන් 13 දෙනෙකුද වන බවයි එම සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ.

මිනී මැරුම්වලින් අඩකට ආසන්න සංඛ්‍යාවක් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ සිද්ධීන්වීම කණගාටුවට කරුණක් බව අපරාධ සංඛ්‍යාලේඛන කාර්යංශයේ විධායක අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් කියාසිටියා.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »