පැට් කමින්ස් ඉන්දියාවේදී නිරෝධායනයට

ඔස්ටේ්‍රලියා ජාතික කණ්ඩායමේ උප නායක පැට් කමින්ස් ඉන්දියාවේදී නිරෝධායනයට ලක් කර තිබෙනවා.

ඒ අයි පී එල් තරගාවලියේ ඔහු නියෝජනය කරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු කොවිඩ් ආසාධිතයන් බව හඳුනා ගැනීමත් සමගයි.

මේ අනුව ඊයේ එනම් සඳුදා රාත්‍රියේ පැවැත්වීමට නියමිතවු කොල්කටා කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර තරගය කල් දැමීමටද සිදුවුණා.

දැනට හෙළිවී ඇත්තේ පැට් කමින්ස්ට කිසිදු වෛරස රෝග ලක්ෂණයක් පහළවී නොමැති බවයි.

කොල්කටා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් දිනපතා කොවිඩ් පරීක්ෂණවලට ලක් කිරීමටද පියවර ගෙන තිබේ.

පැට් කමින්ස් පසුගියදා නිවේදනය කලේ ඉන්දියාවට කොවිඩ් වසංගතයෙන් ගොඩ ඒම සඳහා ඩොලර් 50 000 ක් ප්‍රදානය කරන බවයි.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »