Search

විදේශිකයන්ට නිවාස මිලට ගැනීමේ තහනම අප්‍රේල් පළමු වනදා සිට

ලබන අප්‍රේල් පළමු වනදා සිට වසර 2 ක කාලයක් තාවකාලික පදිංචිකරුවන්ට සහ විදේශීය හිමිකාරිත්වය ඇති සමාගම්වලට නිවාස මිලදී ගැනීමට නොහැකි වන බව ඔස්ට්‍රේලියා රජය පවසනවා.

මෙවර අයවැයෙන් නිවාස අර්බුදය විසඳීම වෙනුවෙන් ඩොලර් බිලියන 33 ක මුදලක් සැලසුම්කර ඇති බවයි ඇල්බනීස් රජය කියාසිටියේ.

නිවාස සැපයුම ඉහළ නැංවීම තුළින් ගැණුම්කරුවන්ගේ නිවාස අර්බුදය විසඳීම මූලික අරමුණ බව ඔස්ට්‍රේලියා රජය ප්‍රකාශ කළා.

නිවාස මිලදී ගැනීමට උපකාරයක් ලෙස අඩු මූලික ගෙවීමකින් හෝ උකසක් සහිතව නිවසක් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව සලසා දෙන බව ඔවුන් පවසනවා.

එමෙන්ම 40,000 ක ඔස්ට්‍රේලියානු වෘත්තිකයන්ට සියයට 40 ක ණය සීමාවක් ද නිවාස වෙනුවෙන් ලබාදීමටයි Commonwealth බැංකුව දායක වී ඇත්තේ.

ඒ අනුව ඉදිරියේදී වික්ටෝරියා ප්‍රාන්තයේ අගනුවරෙහි සහ ප්‍රධාන නගරවල නිවාසයක මිල ඩොලර් 950,000 ක් ලෙස දක්වා තිබෙනවා.

වික්ටෝරියාවේ අනෙකුත් ප්‍රදේශයන් හි නිවාස මිල ඩොලර් 650,000 ක් ලෙසයි සඳහන් වන්නේ.

ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ කලාප අනුව නව දේපළ මිල ගණන් වෙනස්වීම පහත දැක්වෙනවා.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »