Search

2024 ඔස්ට්‍රේලියා ආයුධ වෙළඳාම සීඝ්‍රයෙන් ඉහළට – වික්ටෝරියාව ඉහළින්ම

2024 වසරේ ඔස්ට්‍රේලියාවේ ආයුධ වෙළඳාම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ පසුගිය වසරේ අපරාධ වෙනුවෙන් යොදාගන්නා ආයුධ මිලදී ගැනීම් සියයට 66 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි Auror සමීක්ෂණ වාර්තාවෙන් හෙළිවන්නේ.

විවිධ වර්ගයේ පිහි මෙන්ම බ්ලේඩ් සම්බන්ධ අපරාධ සිදුවීම් පසුගිය වසරේ සියයට 40 කට වඩා ඉහළ අගයක් ගෙන ඇති බව දත්ත මගින් අනාවරණය වී තිබෙනවා.

Auror සමීක්ෂණ වාර්තාවේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂකවරයා පැවසුවේ ඔස්ට්‍රේලියාවේ අපරාධ රැල්ල ප්‍රචණ්ඩකාරී සහ සංවිධානාත්මක වෙමින් පවතින බවයි.

විශේෂයෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ විශාල වශයෙන් අපරාධ වැඩිවීමක් දක්නට ලැබුණු බව Auror හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂකවරයා කියාසිටියා.

එය වික්ටෝරියාවේ පෙර වසරට සාපේක්ෂව සියයට 52 වැඩිවීමක් බවයි සඳහන් වන්නේ.

මෙම ප්‍රජා හානිය මැඩලීම වෙනුවෙන් ඔස්ට්‍රේලියා තුළ ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවයක් පවතින බව Auror සමීක්ෂකයින් පෙන්වාදෙනවා.