
Melbourne International Flower and Garden Show මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
ලබන මාර්තු 26 වන බදාදා සිට මාර්තු 30 වන ඉරිදා දක්වා මෙල්බන් හි මල් ප්‍රදර්ශනය නැරඹීමට ඔබටත් හැකි වනු ඇති.
මෙවර වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට නොමිලේ මෙල්බන් ජාත්‍යන්තර මල් සහ උද්‍යාන ප්‍රදර්ශනය නැරඹීමට හැකියාව ලබාදීම විශේෂත්වයක්.

ටිකට් පතක් ඩොලර් 32 ක් වන අතර දරුවන් සමග පැමිණෙන වැඩිහිටියන්ට ඩොලර් 40 ක ටිකට් පතක් මිලට ගැනීමට සිදුවනු ඇති.
මෙහිදී වික්ටෝරියා හි උද්‍යාන කර්මාන්තය, ගෙවතු අලංකරණය, ගෙවතු වගා, තණබිම් නිෂ්පාදනය මෙන්ම මල් වගාව වැනි ව්‍යාපාරික අවස්ථා රැසක් පිළිබඳ තොරතුරු දැන ගැනීමට හැකියාව පවතිනවා.

Melbourne International Flower and Garden Show ගෝලීය වශයෙන් ඉතා ප්‍රචලිත වන අතර මෙවරත් නරඹන්නන් 100,000 කට අධික සංඛ්‍යාවක් අපේක්ෂා කරන බවයි එහි සංවිධායකයින් පවසන්නේ.