Search

ඔලිම්පික් ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට එරෙහිව බ්‍රිස්බන් හි විරෝධතාවක්

බ්‍රිස්බන් හි වික්ටෝරියා උද්‍යානයේ ආසන 60,000 කින් යුත් ඔලිම්පික් ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට එරෙහිව විරෝධතාවක් පැවැත්වුණා.

මෙම සංවර්ධන ක්‍රියාවලිය නතර කරන ලෙසයි විරෝධතාකරුවන් ක්වින්ස්ලන්ඩ් රජයෙන් ඉල්ලා සිටියේ.

ඔවුන් පවසන්නේ ව්‍යාපෘතියෙන් උද්‍යානයේ ඇති ගස්වැල්වලට හානි සිදුවන බවයි.

එමෙන්ම ඔස්ට්‍රේලියා පළමු ජාතීන්ගේ ප්‍රජාවට වික්ටෝරියා උද්‍යානය ඉතා වැදගත් ස්ථානයක් වන බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

වික්ටෝරියා උද්‍යානය විනෝදාස්වාදයට මෙන්ම සොබාදහමේ පැවැත්ම වෙනුවෙන් පැවතිය යුතු බව විරෝධතාකරුවන්ගේ මතයයි.

වික්ටෝරියා උද්‍යානයේ පාරිසරික හා සමාජ හානිය වැළැක්වීම වෙනුවෙන් ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවන බව උද්ඝෝෂකයින් තරයේ කියාසිටිනවා.

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »

හෙරොයින් නිසා තරුණයකු මව මරා දමයි

මල් බදුනකින් පහරදී සිය මව මරා දැමීම සම්බන්දයෙන් තරුණයකු වරදකරු වී තිබෙනවා. සැකකරු ඝාතනය පිළිගත්තද  එය මිනීමැරුමක් බව ප්‍රතික්ෂේප කල බවයි වාර්තා වුනේ. NSW ශ්‍රේෂ්ඨාධිකරණ

Read More »