
ලෝක බොක්සිං ශූරයෙකු මෙන්ම ඔලිම්පික් රන්පදක්කම් ලාභී George Foreman ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දෙවතාවකම heavyweight boxing ශූරතාවය දිනූ Foreman මියයන විට වයස අවුරුදු 76 ක් පසුවනවා.
බොක්සිං වළල්ල තුළ ‘බිග් ජෝර්ජ්’ ලෙසින් හැදින්වෙන ඔහු අඩි 6යි අඟල් 3ක් උසැති දේහදාරී ක්‍රීඩකයෙක්.

1968 ඔලිම්පික් උළෙලේදී ඔහු ඔලිම්පික් රන් පදක්කම් දිනාගැනීමට සමත්වුණා.
එමෙන්ම දෙවරක් ලෝක හෙවිවේට් ශූරතාව දිනාඇති ඔහු ලොව වයස්ගතම හෙවිවේට් ලෝක ශූරයාද වනවා.

ඔහු පළමු ශූරතාව දිනා වසර 21කට පසු එනම් වයස අවුරුදු 45දීයි දෙවන ශූරතාව දිනාගෙන ඇත්තේ.
මොහොමඩ් අලිගේ සමකාලීනයෙකු වන ෆෝමන් 1974 පැවති ජනප්‍රිය ‘Rumble in the Jungle’ තරගයේදී තියුණු සටනකට පසු පරාජය වුණා.
ෆෝමන්ගේ වෘත්තීය බොක්සිං දිවිය තුළ තරග 81කින් තරග 76ක්ම ජයග්‍රහණය කර තිබීම විශේෂත්වයක්.
ඉන් තරග 68ක්ම ‘Knockout’ ජයග්‍රහණ වීම ද කැපීපෙනනවා.
ෆෝමන් 1997 දී ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කළා.