
“AusLanka TV Education Migration Expo 2025 ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලුවේ 02 වන අදියර මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
අද දින කොළඹ 5, Havelock City Mall (හැව්ලොක් සිටි මෝල්) හිදී පැවැත්වෙන මෙයට මේ වනවිටත් විශාල ජනකායක් පැමිණෙමින් සිටින බවයි අප නියෝජිතයින් පවසන්නේ.
ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ප්‍රධාන සංක්‍රමණික ආයතන, එහි නියෝජිතවරුන් සහ නීතිඥවරුන් ඊට සහභාගි වනවා.

මෙම නොමිලේ ලබාදෙන අවස්ථාව මගනොහරින ලෙසයි AusLanka TV මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂක චමිල ලොකුනාරංගොඩ ජනතාවට දැනුම්දෙන්නේ.
තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ කරමින්, ඒ සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමින් මෙම විශේෂ වැඩසටහන ශ්‍රී ලංකාව තුළ සංවිධාන කෙරුණා.

ඔස්ට්‍රේලියා – නවසීලන්ත ප්‍රධාන විශ්ව විද්‍යාලවලට සම්බන්ධව නියෝජිතවරුන් සහ නීතිඥවරුන් රැසක් ද මෙම වැඩසටහනට අද එක්වනු ඇති.
Student Visa, Sponsor Visa, Skilled Visa සහ Scholarships (ස්ටුඩන්ට් වීසා, ස්පොන්සර් වීසා, ස්කිල්ඩ් වීසා සහ ස්කොලර්ෂිප්ස්) ලබාගන්නා ආකාරය පිළිබඳ පූර්ණ දැනුවත් කිරීමක් සහ ඒ සඳහා මාර්ගය සලසා දීමට මෙහිදී සිදුවනවා.
324-10 Havelock Rd, Colombo 5 හි පිහිටි Havelock City Mall හිදී රාත්‍රී 8.00 දක්වා මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතයි.