Search

ගුවන් ගමන් යළි ආරම්භ කළ හීත්‍රෝ ගුවන් තොටුපළ

යුරෝපයේ කාර්ය බහුලම ගුවන් සමාගම සිය ගුවන් ගමන් කටයුතු යළි ආරම්භ කර තිබෙනවා.

ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපළේ ගුවන් ගමන් ඊයේ පැය 18 ක් පුරා තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

ගුවන් තොටුපළේ විදුලිය සපයන විදුලි උපපොළක ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් ඊයේ දවස පුරා ගුවන් ගමන් බහුතරයක් අත්හිටුවීමට සිදුවුණා.

මේ හේතුවෙන් ඊයේ අවම වශයෙන් ගුවන් ගමන් 1350 ක් පමණ අත්හිටුවීමට සිදුවූ බවයි හීත්‍රෝ ගුවන් තොටුපළ වාර්තා පවසන්නේ.

ගුවන් සමාගමේ ගුවන් යානා සහ කාර්ය මණ්ඩලය නැවතත් ස්ථානගත කිරීම් සිදුවන බැවින් මෙම බලපෑම තවත් දින කිහිපයක් පවතිනු ඇති බව එම වාර්තාවල දැක්වෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එහි සැකකටයුතු කිසිවක් සොයාගැනීමට  ද නොහැකි වූ බවයි ලන්ඩන් ගුවන් සේවා අංශය කියාසිටියේ.

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »

හෙරොයින් නිසා තරුණයකු මව මරා දමයි

මල් බදුනකින් පහරදී සිය මව මරා දැමීම සම්බන්දයෙන් තරුණයකු වරදකරු වී තිබෙනවා. සැකකරු ඝාතනය පිළිගත්තද  එය මිනීමැරුමක් බව ප්‍රතික්ෂේප කල බවයි වාර්තා වුනේ. NSW ශ්‍රේෂ්ඨාධිකරණ

Read More »