
ඔස්ට්‍රේලියාව පුරා පැතිරීයන සරම්ප රෝගී තත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ මේ වනවිට මහජනතාව දැනුවත් කරමින් සිටිනවා.
සරම්ප ආසාදනය වූ පුද්ගලයෙකු අධික උණ, හිසරදය හෝ එන්සෙෆලයිටිස් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම රෝහලකට ඇතුලත් වන ලෙසයි සෞඛ්‍ය අංශ දැනුම්දෙන්නේ.
එන්නත් නොකළ පුද්ගලයින්ට රෝගය වළක්වා ගැනීමට හෝ එහි බරපතලකම අඩු කර ගැනීම සඳහා රෝගය වැළඳී පැය 72 ක් ඇතුලත MMR එන්නත ලබාගත හැකියි.

සරම්ප රෝගය සඳහා නිශ්චිත ප්‍රතිජීවක ප්‍රතිකාරයක් නොමැති අතර විවේක ගැනීම හෝ හැකි තරම් පාන වර්ග ලබාදීම සිදුකළ හැකි බවයි ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ කියාසිටියේ.
සාමාන්‍යයෙන් සරම්ප සඳහා රෝහල්ගතවීම් සිදුවන්නේ නිව්මෝනියාව, ශ්වසන අපහසුතා සහ විජලනය වැනි රෝගී තත්වයන් වලදීයි.

සරම්ප රෝගය සඳහා සම්පූර්ණයෙන් එන්නත් කිරීම් සිදුකර ඇත්නම් රෝගය ආසාදනය වීමේ සම්භාවිතාව බෙහෙවින් අඩු බවයි ඔස්ට්‍රේලි සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ.