
2025 ශ්‍රී ලංකා අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.
එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 159ක් සහ විරුද්ධව ඡන්ද 45ක් හිමිවුණා.
ඒ අනුව වැඩි ඡන්ද 114කින් අයවැය තෙවන වර කියවීම සම්මත වී තිබෙනවා.

ඊයේ දිනයේ මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යශයේ වැය ශීර්ෂ විවාදයට ගනු ලැබුවා.
එහිදී උදෑසන 10.00ට විවාදය ආරම්භ වූ අතර පස්වරු 6.00ට විවාදය අවසන් වීමෙන් පසු අයවැය තුන්වනවර කියවීමේ ඡන්ද විමසීම සිදුකෙරුණා.
