
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සුහදව කටයුතු කිරීමට සූදානම් බව විපක්ෂ නායක පීටර් ඩට්න් පවසනවා.
ඉදිරි ෆෙඩරල් මැතිවරණයේදී ලිබරල් සන්ධානය බලයට පත් වුවහොත් දැනට පනවා ඇති දැඩි තීරුබදු සම්බන්ධයෙන් එකඟතා මාලාවකට පැමිණීමට සූදානම් බවයි ඔහු ප්‍රකාශ කළේ.
ලිබරල් සන්ධාන රජයක් යටතේ ඔස්ට්‍රේලියාවේ විදේශ ප්‍රතිපත්තිය මධ්‍යස්ථ පිළිවෙතක පවත්වාගෙන යන බවට පීටර් ඩට්න් සහතික වනවා.

එහිදී අමෙරිකාව – චීනය – රුසියාව සහ යුක්‍රේනය වැනි සෑම රාජ්‍යයක් සමඟම සුහදශීලීව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි විපක්ෂ නායක පීටර් ඩට්න් වැඩිදුරටත් සදහන් කළේ.
ඔස්ට්‍රේලියාවේ ඉදිරි ෆෙඩරල් මැතිවරණය ලබන මැයි 17 වන දිනට පෙර පැවැත්වීමට නියමිත අතර ප්‍රධාන පක්ෂ 02 අතර කරට කර තරගයක් පවතින බවයි විචාරක මතය වන්නේ.
