Search

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ අනුව රජය සමඟ එක්ව නිවසක් මිලයට ගැනීමේදී තැබිය යුතු ඇප මුදල සහ උකස් ණය ප්‍රමාණය අඩු කිරීමට නියමිතයි.

දැනට එම ක්‍රමය යටතේ ෆෙඩරල් රජය විසින් දරන පිරිවැය සියයට 30 ක් වන අතර එය සියයට 40 ක් දක්වා ඉහළ දැමෙනු ඇති.

මේ අතර නිවසක් මිලදී ගැනීමේදී තිබිය යුතු ආදායම (Income Cap) ප්‍රමාණයද ලබන සතියේ අයවැයෙන් ඉහළ යනු ඇති බවට වාර්තා පළ වනවා.

ඒ අනුව සිඩ්නි නගරයේ දැනට ඩොලර් 950,000 ක් ව පවතින එය ඩොලර් ලක්ෂ 13 දක්වා ද මෙල්බන් නගරයේ දැනට ඩොලර් 850,000 ක් ව පවතින එය ඩොලර් 950,000 දක්වා ද ඉහළ දැමීමටයි සැලසුම් කර ඇත්තේ.