
ලොව වඩාත් ලාභ ලබන ආයතන අතරට Coles සහ Woolworths සුපිරි වෙළඳසැල් ද නම් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම විසින් එම ආයතනවල අයුතු ලාභ සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනා කරන පසුබිමක මෙම ශ්‍රේණිගත කිරීම නිකුත් වීමද විශේෂත්වයක්.
ගතවූ මූල්‍ය වර්ෂය තුළදී මාර්ගගත සහ සාමාන්‍ය යන ක්‍රමවේද දෙක මගින් ද Coles සහ Woolworths උපයා ඇති ශුද්ධ ලාභය ඩොලර් බිලියන ගණනක් වන බවටයි තක්සේරු කර ඇත්තේ.

මේ අතර ගතවූ වසර 05 තුළදී ඔවුන් විසින් පාරිභෝගික ද්‍රව්‍යවල මිල ගණන් සියයට 24 කින් වැඩිකර ඇති බවටද පාරිභෝගික කොමිසම චෝදනා කරනවා.
ලොව වඩාත්ම ලාභ ලබන වෙළඳ ආයතනය බවට පත්ව ඇත්තේ Amazon ආයතනයයි.
