
වික්ටෝරියා ප්‍රාන්තයේ නව ඇප නීති ප්‍රාන්ත පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.
පැය 15 ක් වැනි දීර්ඝ කාලයක් පුරා විවාද කිරීමෙන් අනතුරුවයි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ඊට අනුමැතිය දී ඇත්තේ.
මේ අනුව ඇප ලබාදීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ දැඩිම නීති බලාත්මක වන ප්‍රාන්තය බවට වික්ටෝරියා ප්‍රාන්තය පත්ව තිබෙනවා.

මංකොල්ල කෑම්, නිවාසවලට පහර දීම්, වාහන සොරකම් සහ ආයුධ සන්නද්ධ පැහැර ගැනීම් වැනි දරුණු ක්‍රියා සදහා ඇප ලබාදීම් සීමා කර තිබීමද විශේෂත්වයක්.
වික්ටෝරියා ප්‍රාන්ත වාසීන් දීර්ඝ කලක සිට සිදුකළ ඉල්ලීම් සලකා බැලීමෙන් පසු මෙම දැඩි තීරණයට එළඹි බවයි ප්‍රාන්ත අගමැතිනි ජසින්ටා ඇලන් සදහන් කළේ.
