
Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
නියාමන නීති උල්ලංඝනය කරමින් අවදානම් සහගත ක්‍රියාවල ඇතැම් Childcare මධ්‍යස්ථාන නිරත වන බවට සැළකිල්ලට ගෙනයි ප්‍රාන්ත රජය මෙම තීරණය ගෙන ඇත්තේ.
මීට අදාළ යෝජනාව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය විසින්ද ඒකමතිකව සම්මත කරගෙන තිබෙනවා.

ජාතික ළමා කොමසාරිස් ඈන් හොලන්ඩ්ස් පවසන්නේ නිව් සවුත් වේල්ස් පමණක් නොව ඔස්ට්‍රේලියාවේ සෙසු සෑම ප්‍රාන්තයකම මෙවැනි විමර්ශන පැවැත්විය යුතු බවයි.
ළමුන්ගේ ආරක්ෂාව සඳහා එය ඉවහල් වනු ඇති බව ද ඇය පෙන්වා දෙනවා.
