
ඉන්දුනීසියාවේ බාලි දූපත් සිට පැමිණෙන ඔස්ට්‍රේලියානු සංචාරකයින් එහි ගුවන් තොටුපළෙහි සිරවී සිටින බවට වාර්තා වනවා.
ඉන්දුනීසියාවේ Lewotobi ගිනි කන්ද සක්‍රීයවී ඉන් පිටවන අළු හේතුවෙන් ගුවන් යානා අවලංගු කිරීම් හෝ ප්‍රමාදවීම් සිදුවන බවටයි මාධ්‍ය වාර්තා පළවන්නේ.
ගුවන් තොටුපළ වෙත පැමිණීමට පෙර ගුවන් ගමන් තත්වයන් පිළිබඳ පරික්ෂා කරන ලෙසද ඉන්දුනීසියා බලධාරීන් සංචාරකයින්ගෙන් ඉල්ලා සිටියා.

මේ අතර ලන්ඩනයේ ලොව කාර්ය බහුලම ගුවන් සමාගම අද දවස පුරා සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපළ ආසන්නයේ ඇති වූ ගින්නක් මීට හේතුව බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඒ හේතුවෙන් ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ සැලකිය යුතු විදුලි බිඳ වැටීමක් ද වාර්තා වනවා.
හීත්‍රෝ ගුවන් තොටුපළ නැවත විවෘත කරන තෙක් කිසිදු තත්වයක් මත ගුවන් තොටුපළ වෙත නොපැමිණෙන්නැයි බලධාරීන් මගීන්ගෙන් ඉල්ලීමක් කරනවා.
හෙට උදෑසන 11 පමණ වන තෙක් ක්‍රියාත්මක හීත්‍රෝ ගුවන් තොටුපල වසා දැමීම සංචාරකයින් දස දහස් ගණනකට බලපානු ඇති බවයි මාධ්‍ය වාර්තා පළකරන්නේ.