Search

වික්ටෝරියානුවන්ගේ SRL සිහිනය සැබෑවක් වේවිද?

වික්ටෝරියා ප්‍රාන්තයේ තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත Suburban Rail Loop (SRL) ව්‍යාපෘතියට අරමුදල් සැපයීමේදී ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසට Infrastructure Australia විසින් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය SRL East, SRL West, SRL North සහ SRL Airport (Melbourne Airport Rail) යනුවෙන් කොටස් 04 කට බෙදා තිබෙනවා.

Infrastructure Australia පෙන්වා දුන්නේ SRL East ව්‍යාපෘතියේ වියදම් ඇස්තමේන්තුවව පිළිබඳව තමන්ට අඩු විශ්වාසයක් පවතින බවයි.

SRL East හි ඉදිකිරීම් 2022 වර්ෂයේදී ආරම්භ වී තිබෙන බවයි දැක්වෙන්නේ.

SRL ව්‍යාපෘතියේ පළමු අදියර සදහා පමණක් අවම වශයෙන් ඩොලර් බිලියන 34.5 ක් පමණ වැයවනු ඇති.

අදාළ ව්‍යාපෘතිය සදහා දැනටමත් ඩොලර් බිලියන 9.3 ක අයවැය හිඟයක් පවතින බවද සදහන්.

කෙසේවෙතත් වික්ටෝරියා ප්‍රාන්ත රජය විශ්වාසය පළ කරන්නේ ෆෙඩරල් රජය එම අයවැය හිඟය පියවනු ඇති බවටයි.

මේ අතර වික්ටෝරියා රජය සදහන් කළේ අදාළ ව්‍යාපෘතිය හරහා ප්‍රාන්තය තුළ නව රැකියා අවස්ථා 8,000 ක් පමණ නිර්මාණය වනු ඇති බවයි.