Search

දින 25 ක පලස්තීන දැරියක් සුන්බන් අතර සිටියදී හමුවෙයි

ගාසා තීරයේ මහල් නිවාසවල සුන්බුන්වල සිරවී සිටි දින 25 ක කුඩා දැරියක බේරාගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.

පසුගිය බ්‍රහස්පතින්දා එල්ල වූ මෙම ප්‍රහාරවලින් ඇයගේ දෙමාපියන් මෙන්ම සහෝදරයින් 7 දෙනාද ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ මියගියා.

දැරියව ඇගේ ආච්චි සහ සීයා වෙත භාරදුන් බවයි ආරක්ෂක අංශ පවසන්නේ.

සටන් විරාමය බිඳ දමමින් ඊශ්‍රායලය පලස්තීනයේ ගාසා තීරයට පසුගිය අගහරුවාදා සිට දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

එහිදී පලස්තීන වැසියන් 600 කට වැඩි පිරිසක් මේ වනවිට මියගොස් ඇති අතර ඉන් බහුතරයක් කාන්තාවන් සහ දරුවන් වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

රාමසාන් රාත්‍රියේ ජනතාව එක්ව විනෝදවෙමින් සිටි අවස්ථාවේ සිදුකළ මෙම ඊශ්‍රායල ප්‍රහාර පිළිබඳ ලෝක නායකයින්ගේ දැඩි දෝෂාරෝපනයට ලක්ව තිබෙනවා.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »