
ඔස්ට්‍රේලියා ෆෙඩරල් මැතිවරණයේ ජයග්‍රහණය සම මට්ටමේ පවතින බවට සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.
ඇන්තනී ඇල්බනීස් අඛන්ඩව අගමැතිවරයා ලෙස පත්කිරීමට කැමැත්ත පළකරන ඡන්දදායකයින් සංඛ්‍යාව සියයට 45 ක් බවයි සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ.
නමුත් විපක්ෂ නායක පීටර් ඩටන්ට ඇත්තේ සියයට 40 ක ඡන්ද සංඛ්‍යාවක් පමණයි.

ඒ අනුව අගමැති ඇන්තනී ඇල්බනීස් ෆෙඩරල් මැතිවරණයේ තවමත් පෙරමුණේ පසුවන බවයි දේශපාලන විචාරකයින් පෙන්වාදෙන්නේ.
මේ අතර tiktok මැතිවරණ ප්‍රචාරණයෙහි විපක්ෂ නායක ඩටන් ඉදිරියෙන් සිටින නමුත් මැතිවරණ වේදිකාවේ ඇල්බනීස් ස්ථාවරව සිටින බවට විචාරකයින් පවසනවා.

2024 වසරේ ඔස්ට්‍රේලියානුවන්ගෙන් අඩක් පමණ ප්‍රවෘත්ති වෙත ප්‍රවේශවීමට සමාජ මාධ්‍ය භාවිත කරන බවයි හෙළිව ඇත්තේ.
විශේෂයෙන්ම tiktok සහ Reels හි දේශපාලනඥයින්ගේ ප්‍රවෘත්ති සඳහා ප්‍රේක්ෂකයින් දැඩි උනන්දුවක් දක්වන බවයි මාධ්‍ය වාර්තා පළවන්නේ.