
වික්ටෝරියානුවන්ට උණු ජලය භාවිත කරන ලෙස බලධාරීන් ඉල්ලීමක් කරනවා.
ජලාශයක තිබී මියගිය මීයෙකු හමුවීමෙන් අනතුරුවයි මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ.
ඊයේ Shoreham ජලාශයේ නඩත්තුවකදී මේ බව අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව Flinders, Point Leo, සහ Shoreham පදිංචිකරුවන්ට නළ ජලය උණුකර භාවිත කරන ලෙස වික්ටෝරියා බළධාරීන් දැනුම්දුන්නා.
එසේ නොවුනහොත් පාචනය, බඩ කැක්කුම, හිසරදය, වැනි රෝගාබාධයන් වැළඳීමට හැකි බව ද ඔවුන් කියාසිටියා.

එමෙන්ම දරුවන්, ගර්භනී මව්වරුන්, වැඩිහිටියන් මෙන්ම ප්‍රතිශක්තීකරණය අඩු පුද්ගලයින්ට ද සැලකිලිමත් වන ලෙසයි බලධාරීන් දැනුම්දුන්නේ.
ඒ වෙනුවෙන් බෝතල්කළ ජලය පානය කිරීමෙන් හෝ අවදානම වළක්වා ගන්නා ලෙස වික්ටෝරියා හදිසි සේවා අංශය අවධාරණය කරනවා.