
2025 වසරේ ලොව සතුටින්ම සිටින රටවල් අතරට අඛන්ඩව 8 වන වරටත් ෆින්ලන්ඩ් තේරී පත්ව තිබෙනවා.
මෙවර ලෝක ශ්‍රේණිගත කිරීමට අනුව ලොව සතුටින් ම සිටින රටවල් 20 නම් කෙරුණා.
එහි 11 වන ස්ථානයේ ඔස්ට්‍රේලියාව රැඳී සිටීමත් විශේෂත්වයක්.

අමරිකා එක්සත් ජනපදය මෙම ලෝක ශ්‍රේණිගත කිරීමේ මූලික රටවල් 20 අතර නොසිටින අතර ඔවුන් පත්ව ඇත්තේ 24 වන ස්ථානයටයි.
සතුට හා සමාජ විශ්වාසය පහත වැටීම දේශපාලනය ද බලපාන බවට අමරිකාව කදිම නිදසුනක් බවයි මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ.

The World Happiness වාර්තාවට අනුව පරිත්‍යාගශීලීත්වය, කරුණාව වැනි කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමුකළ බවද වාර්තා වනවා.
මෙවර සතුට පිළිබඳ ගෝලීය විශ්ලේෂණය සිදුකර ඇත්තේ ඔක්සෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන විසඳුම් ජාලය ඒකාබද්ධව යි.
දත්ත මත පදනම්ව ලෝක ජනගහනයෙන් සියයට 70 ක්ම පසුගිය මාසය තුළ අවම වශයෙන් එක් කාරුණික දෙයක් හෝ සිදුකර ඇති බවටයි සොයාගෙන ඇත්තේ.
මෙවර ශ්‍රී ලංකාව ලෝක සතුටින් ම සිටින රටවල් 150 න් 133 වන ස්ථානයේ රැඳී සිටිනවා.
2025 වසරේ ලොව සතුටින්ම සිටින රටවල් අතරින් දෙවන හා තෙවන ස්ථාන හිමිකර ගෙන ඇත්තේ ඩෙන්මාර්කය සහ අයිස්ලන්තයයි.
ඇෆ්ගනිස්ථානය 147 වන ස්ථානයේ පසුවනවා.