Search

Olympic සභාපති ධුරය පළමු වරට කාන්තාවකට

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරයට පළමු වරට කාන්තාවක් තේරීපත්ව තිබෙනවා.

 41 හැවිරිදි ක්‍රිස්ටි කොවෙන්ට්‍රි නම් ඇය සිම්බාම්වේ හි වත්මන් ක්‍රීඩා අමාත්‍යවරිය මෙන්ම එරට හිටපු පිහිනුම් ශූරියක ද වනවා.

 ඒ අනුව ඇය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ 10වන සභාපතිවරය සහ එම තනතුරට පත් පළමු අප්‍රිකානු ජාතිකයා යි.

 එමෙන්ම ක්‍රිස්ටි කොවෙන්ට්‍රි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා වශයෙන් තේරී පත්වූ ළාබාලතම පුද්ගලයා ද වනවා.

 ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිලවරණය ඊයේ (20) ග්‍රීසියේදී පැවැත්වුණා.

එහිදී ඇය පළමු වටයේදීම බහුතර ඡන්ද සංඛ්‍යාවක් හිමිකර ගනිමින් මෙම ධුරයට පත්වීම විශේෂත්වයක්.

සභාපතිනිය ලබන ජුනි මාසයේදී සිය ධුරයේ වගකීම් නිල වශයෙන් භාරගැනීමට නියමිතයි.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »