Search

වික්ටෝරියාවේ අපරාධ රැල්ල වාර්තා රැසක් අලුත් කරයි

වික්ටෝරියා ප්‍රාන්තය තුළ තරුණ ප්‍රජාව විසින් සිදු කරන අපරාධ ක්‍රියාකාරකම්වල සීග්‍ර ඉහළ යෑමක් පෙන්නුම් කෙරෙනවා.

අපරාධ සංඛ්‍යාලේඛන ඒජන්සිය (CSA) නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවක් ඔස්සේ අනාවරණය වී ඇත්තේ 2016 වසරේ සිට ප්‍රාන්තය තුළ සිදුවී ඇති අපරාධ අනුපාතයේ ඉහළම මට්ටම වෙත මේ වනවිට ළඟාවී ඇති බවයි.

වයස අවුරුදු 10 ත් 17 ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන් විසින් සිදුකරන අපරාධ ක්‍රියාකාරම්වල ඉහළම අනුපාතය ද මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

ප්‍රාන්තයේ අපරාධ අනුපාතය පසුගිය වර්ෂයට සාපේක්ෂව සියයට 13.2 කින් පමණ ඉහළ ගොස් තිබීමද විශේෂත්වයක්.

වික්ටෝරියා හි වේගයෙන් වර්ධනය වන අපරාධ ක්‍රියාකාරකම ලෙස බලධාරීන් හදුනාගෙන ඇත්තේ මෝටර් රථ සොරකම් කිරීමයි.

ඊට අමතරව පවුල් ප්‍රචණ්ඩත්වය හා සම්බන්ධ අපරාධ ක්‍රියාකාරකම්වලද ඉහළ යෑමක් පෙන්නුම් කෙරෙනවා.

කෙසේවෙතත් ඇප නීති දැඩි කිරීම වැනි සංශෝධනයන් ඔස්සේ ප්‍රාන්තය තුළ වේගයෙන් වර්ධනය වන අපරාධ අනුපාතය පාලනය කිරීමටයි බලධාරීන් කටයුතු කරමින් සිටින්නේ.

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »

හෙරොයින් නිසා තරුණයකු මව මරා දමයි

මල් බදුනකින් පහරදී සිය මව මරා දැමීම සම්බන්දයෙන් තරුණයකු වරදකරු වී තිබෙනවා. සැකකරු ඝාතනය පිළිගත්තද  එය මිනීමැරුමක් බව ප්‍රතික්ෂේප කල බවයි වාර්තා වුනේ. NSW ශ්‍රේෂ්ඨාධිකරණ

Read More »