
ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය තවමත් පෙර පරිදි ස්ථාවර අගයක පවතින බවට හදුනාගෙන තිබෙනවා.
ඔස්ට්‍රේලියා සංඛ්‍යාලේඛන කාර්යංශයේ නවතම දත්ත ඔස්සේ අනාවරණය වී ඇත්තේ පෙබරවාරි මාසයේදී රට තුළ විරැකියා අනුපාතය සටහන් වී ඇත්තේ සියයට 4.1 ක් ලෙසයි.
කෙසේවෙතත් රට තුළ රැකියාවල නිරතවන වෘත්තිකයන්ගේ සංඛ්‍යාව 53,000 කින් පමණ පහත වැටී තිබීමද විශේෂත්වයක්.

මේ අතර ඔස්ට්‍රේලියාවේ රැකියා විරහිත පුද්ගලයන්ගේ සංඛ්‍යාවද 11,000 කින් පමණ පහත වැටී ඇති බවයි දැක්වෙන්නේ.
පසුගිය පෙබරවාරි මාසයේදී රැකියා සදහා නැවත පැමිණෙන වැඩිහිටි සේවකයන්ගේ ප්‍රමාණය පහත වැටීම මත පදනම්ව රැකියා නියුක්තිකයන්ගේ ප්‍රමාණය පහත වැටී ඇති බවද වැඩිදුරටත් සදහන් වනවා.
