
ලොව ජනප්‍රියම පුස්තකාල අතරට මෙල්බන් හි පිහිටි Victoria State පුස්තකාලය ද ඇතුලත් වී තිබෙනවා.
එහිදී Victoria State පුස්තකාලය වෙත හිමිව ඇත්තේ තුන් වන ස්ථානයයි.
Preply විසින් සිදු කළ මෙම අධ්‍යයනයට අනුව ලොව ජනප්‍රියම පුස්තකාලය බවට පත්ව ඇත්තේ එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටි Daunt Books පුස්තකාලයයි.

එහි දෙවන ස්ථානය ආර්ජන්ටිනාවේ Buenos Aires නුවර පිහිටි El Ateneo Grand Splendid වෙත ලැබී තිබෙනවා.
මෙම ශ්‍රේණිගත කිරීමට අනුව සිව් වන ස්ථානය දිනාගෙන ඇත්තේ නෙදර්ලන්තයේ Maastricht හි පිහිටි Bookstore Domminicanen පුස්තකාලයයි.

අදාළ ලැයිස්තුවේ පස්වන ස්ථානය අමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි පිහිටි The Last Bookstore විසින් දිනාගෙන ඇති බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.