Search

හිටපු පොලිස්පති දේශබන්දු යළි රිමාන්ඩ්

වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අද (20) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඔහුව ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවු වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළා.

කෙසේ වෙතත් ඔහු පසුගිය 19 වනදා අධිකරණය වෙත භාරවී තිබුණා.