
ප්‍රවීණ රංගන ශිල්පීනී මාලනී ෆොන්සේකා අද (20) සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
මීට සති කිහිපයකට පෙර ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇයව කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් වී තිබුණා.
මීට පෙර සමාජ මාධ්‍ය ජාලා තුළ ඇයගේ සෞඛ්‍ය තත්වය කෙරෙහි අසත්‍ය ප්‍රචාර රැසක් පළවී තිබෙන බවයි දැක්වෙන්නේ.

මාලනී ෆොන්සේකා මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්වයකින් පසුවන බවද එහි වැඩිදුරටත් සදහන්.