
ලෝකයේ කැතම සත්වයා ලෙස හැඳින්වෙන “Blobfish” නවසීලන්ත පාරිසරික කණ්ඩායමක් විසින් නවසීලන්තයේ වසරේ මාළුවා ලෙස නම් කර තිබෙනවා.
එම පාරිසරික කණ්ඩාය විසින් නවසීලන්තයේ මිරිදිය සහ සාගර ජීවීන් පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීම අරමුණු කරගනිමින් වාර්ෂිකව පවත්වනු ලබන වැටසහනකදීයි මෙම නම් කිරීම සිදුකර ඇත්තේ.
සාගර පතුලේ ජීවත් වන අතර ඇටසැකිල්ලක් සහ කොරපොතු වෙනුවට, මෘදු ශරීරයක් සහ දුර්වල සමක් සහිත සත්ත්වයෙකු බව සඳහන් වනවා.

ඔවුන්ගේ සිරුරු සෑදී ඇත්තේ ජලයට වඩා අඩු ඝනත්වයක් සහිත පටක වලින් වන අතර එමඟින් මුහුදු පත්ලට ඉහළින් පාවීමට පහසු කරන බවයි දැක්වෙන්නේ.
මුහුදු පතුලේ දී ඔවුන්ගේ ශරීරයේ හැඩය බල්බයක් වැනි මාළුවෙකුගේ හැඩයක් ගත්ත ද ජලයෙන් ඉවතට ගත් විට සම්පූර්ණයෙන්ම වෙනස් වූත් විකෘති පෙනුමක් ගෙන දෙන බවද සදහන්.

මෙම මාළුවා මුහුදු පතුලේ ජීවත් වන අතර දිග අඟල් 12 (සෙ.මී. 30) ක් පමණ වනවා.
ඔවුන් ප්‍රධාන වශයෙන් ඕස්ට්‍රේලියාවේ වෙරළට ඔබ්බෙන් දක්නට ලැබෙන අතර, අඩි 2,000-4,000 (මීටර් 600-1,200) ගැඹුරක ජීවත් වන බවටයි හදුනාගෙන ඇත්තේ.
බ්ලොබ්ෆිෂ් මොලුස්කාවන්ට අමතරව, කකුළුවන් සහ පොකිරිස්සන් වැනි කස්ටේෂියන් මෙන්ම මුහුදු ඉකිරියන් ද ආහාරයට ගන්න බවයි දැක්වෙන්නේ.
මත්ස්‍යයා සිය ගොඳුර එන තුරු ඉතාව ඉවසිලිවන්තව මුඛය විවෘත කරගෙන සිටින බවද සඳහන්.
මෙම විශේෂයට අවුරුදු 130ක් දක්වා ජීවත් විය හැකි බව විශ්වාස කෙරෙනවා.
ගැහැණු සතුන් තනි කූඩුවක බිත්තර 100,000ක් දක්වා දදන අතර, ඔවුන් පැටවුන් බිහි වන තෙක් ඒවා ආරක්ෂා කරන බවයි පැවසෙන්නේ.
දශකයකට පෙර නවසීලන්ත පර්යේෂණ නෞකාවක කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කලාතුරකින් දක්නට ලැබෙන සත්වයාගේ ඡායාරූපයක් ගැනීමෙන් පසු මාළුවා ප්‍රසිද්ධියට පත් වූ බවද වැඩිදුරටත් සදහන්.