
පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.
පසුගිය සදුදා රාත්‍රී 8 ත් අගහරුවාදා උදෑසන 8 ත් අතර කාලසීමාව තුළ Axedale ප්‍රදේශයේ Canny Road හි පිහිටි ස්ථානයකදීයි මෙම අශ්වයා සොරකම් කර ඇත්තේ.
කලු සහ සුදු පැහැයෙන් යුත් මෙම අශ්වයා නම් කර ඇත්තේ “රෝසි” ලෙසයි.

මෙම අශ්වයාගේ වටිනාකම ඩොලර් 40,000 ක් පමණ වන බවයි දැක්වෙන්නේ.
මෙම සිදුවීම ආබාධිත දරුවන්ට දැඩි පීඩාවකට පත්වන ඉතාමත් සංවේදී කාරණයක් ද වනවා.

“රෝසි” පිළිබඳව තොරතුරක් දන්නා ඕනෑම අයෙකුට Crime Stoppers හා සම්බන්ධ වන ලෙසයි බලධාරීන් දැනුම් දී ඇත්තේ.